හිමිනමක් ඝාතනය කරයි

හිමිනමක් ඝාතනය කරයි

වැඩිහිටි නිවාසයක වැඩසිටි ස්වාමීන් වහන්සේ නමක් පහරදීමකින් ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

පමුණුගම උස්වැටකෙයියාව ප්‍රදේශයේ පිහිටි මෙම වැඩිහිටි නිවාසය මානසික ආබාධ සහිත පුද්ගලයන් සඳහා වෙන් කෙරුනු එකක් බවයි පැවසෙන්නේ.

සැකකරු එම වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි ජා ඇල ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි අයෙක් වන අතර එම පුද්ගලයා ද මානසික ආබාධයක් හේතුවෙන් නේවාසිකව සිට අයෙක්.

ඊයේ (19) උදෑසන ඇති වූ සිද්ධියක දී අදාළ සැකකරු විසින් එම ස්වාමීන් වහන්සේට පොල්ලකින් පහරදී ඝාතනය සිදුකර තිබෙනවා.

එවැනි වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යාමේදී අදාළ නිර්ණායක අනුගමනය කර ඇත්ද යන්න සහ ඊට ලියාපදිංචිය ලබාගෙන ඇත් ද යන්න පිළිබඳව ද පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

 

Share This