හිමිකරුවෙක් නොමැති කේරළ ගංජා කිලෝ 60ක්

හිමිකරුවෙක් නොමැති කේරළ ගංජා කිලෝ 60ක්

යාපනය – කයිට්ස් පොලිස් වසමේ වෙලන්කණ්ඩි පල්ලිය අසල වෙරළේ තිබී කේරළ ගංජා කිලෝ 60කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එහි සමස්ත බර කිලෝ 60යි ග්‍රෑම් 652ක් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සැකකටයුතු පාර්සල් දෙකක් පරික්ෂා කිරීමේදී මෙම ගංජා තොගය සොයාගෙන තිබුණා.

කෙසේ වෙතත් එහි හිමිකරුවෙකු හෝ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

Share This