හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Andrew Symonds රිය අනතුරකින් ජීවිතක්ෂයට

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Andrew Symonds රිය අනතුරකින් ජීවිතක්ෂයට

ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක Andrew Symonds රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා ජීවිතක්ෂයට පත් වන විට 46 වැනි වියේ පසුවුණා

Andrew Symonds 1998 සහ 2009 අතර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 26ක්, එක්දින ජාත්‍යන්තර තරග 198ක් සහ විස්සයි20 තරග 14ක් ක්‍රීඩා කර තිබෙනවා

ක්වීන්ස්ලන්ත පොලිසිය සඳහන් කර තිබෙන්නේ ඔහුගේ මෝටර් රථය පාරෙන් ඉවතට ගොස් පෙරළී ඇති බවයි

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය Andrew Symonds මිය යාම පිළිබඳව කම්පනයට සහ කණගාටුවට පත් වන බවද සඳහන් කරනවා

Share This