හික්කඩුව පොලිසිය තුළ කලහකාරී ලෙස හැසිරුණ 19ක් අත්අඩංගුවට

හික්කඩුව පොලිසිය තුළ කලහකාරී ලෙස හැසිරුණ 19ක් අත්අඩංගුවට

හික්කඩුව පොලිස් ස්ථානය තුළ පැමිණිල්ලක් විභාග කිරීමට යාමේදී සාමය කඩ කරමින් හැසිරීම නිසා පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පිරිසට කාන්තාවන් 05ක් සහ පිරිමි පුද්ගලයන් 14ක් ඇතුළත්.

ඔවුන් පොලිස් ස්ථානයට කැඳවා තිබුණේ වැලිගම මුහුදු තීරයේ දී බෝට්ටුවකට පහරදී අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබු පැමිණිල්ලක් විභාගයට ගැනීම සඳහායි.

එහිදි දෙපාර්ශ්වයේම පුද්ගලයින් විසින් පොලිස් ස්ථානය තුළ දී කලහකාරීව හැසිරී තිබෙනවා..

ඒ අනුවයි අදාළ පිරිස අත්අඩංගුවට ගෙන තිබුණේ.

එසේම අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු පැමිණි ත්‍රිරෝද රථයක තිබී කඩුවක් සහ උල් පිහියක් ද සොයාගෙන තිබූ අතර පසුව ත්‍රිරෝද රථය සමග ඒවා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 24ත් 50ත් අතර වයස්වල පසුවන රත්ගම සහ දොඩන්දූව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

Share This