හයිටියට බලපෑ ගංවතුරෙන් 42 ක් මරුට – දහස් ගණනක් අවතැන් (PHOTOS)

හයිටියට බලපෑ ගංවතුරෙන් 42 ක් මරුට – දහස් ගණනක් අවතැන් (PHOTOS)

අධික වර්ෂාව හේතුවෙන් හයිටි රාජ්‍යයේ නිවාස දහස් ගණනක් ජලයෙන් යටවී ඇති අතර, අවම වශයෙන් පුද්ගලයින් 42 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම 85 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට සිවිල් ආරක්ෂක ඒජන්සිය විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක දැක්වෙන්නේ

දැඩි වර්ෂාපතනය හේතුවෙන් හයිටි රාජ්‍යයේ ගංගා කිහිපයක් පිටාර ගලා ඇති අතර , එමගින් ගංවතුර තත්ත්වයන් මෙන්ම කඳු කඩා වැටීම් සහ නායයෑම් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

13,300 කට අධික පිරිසක් අවතැන් වී ඇති අතර, තවත් 11 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි පැවසෙන්නේ

ගංවතුරෙන් විපතට පත් වූවන්ට සහන සැළසීම සඳහා හදිසි ප්‍රතිචාර කණ්ඩායම් සහ ආධාර ලබාදෙන සංවිධාන යොදවා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

මේ අතර ඉදිරි පැය කිහිපය තුළ අවතැන් වූ පුද්ගලයින්ට උණුසුම් ආහාර සැපයීම ආරම්භ කරන බවත් ,සලාක සහ වියළි ආහාර ලබාදෙන බවත් ලෝක ආහාර වැඩසටහන ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා

Share This