සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව වැඩි කරනවා – ඇමති කෙහෙලිය රඹුක්වැල්ල

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව වැඩි කරනවා – ඇමති කෙහෙලිය රඹුක්වැල්ල

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉහළ විනිවිදභාවයක් සහිතව මේ වනවිට වඩාත් කාර්යක්ෂම කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි ජියෝන් චං මහත්මිය ඊයේ (17) හමුවූ අවස්ථාවේදී යි

ඒ සඳහා වන වැඩපිළිවෙල අදාළ ආයතන තුළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකව වෙමින් පවතින බවත් ඒ තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ කාර්යක්ෂමතාවයක් ඉදිරියේ දී බලාපොරොත්තු විය හැකි බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා

එමෙන්ම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා වැඩි කාලයක් ගත වෙමින් තිබූ බවත් ඒ සඳහා ගතවන කාලය මේ වන විට අවම තත්ත්වයකට ගෙනවිත් ඇති අතර අනුමැතීන් 18ට යොමු කළ මෙම ක්‍රියාවලිය අදාළ වෘත්තිකයන්ගේද අදහස් ලබා ගෙන තිබෙනවා

මිට අමතරව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය ඖෂධ පිළිබඳ සැලකීමේදී පිළිකා, හෘද රෝග හා වකුගඩු රෝගීන් සඳහා වන ඖෂධ ලබා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය අපේක්ෂා කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී අමෙරිකානු තානාපතිවරිය හමුවේ ප්‍රකාශ කළා.

Share This