සෙල්සියස් අංශක 50.7ක උෂ්ණත්වයක් ඕස්ට්‍රේලියාවෙන්

සෙල්සියස් අංශක 50.7ක උෂ්ණත්වයක් ඕස්ට්‍රේලියාවෙන්

ඕස්ට්‍රේලියාව වාර්තාගත උණුසුම්ම දිනය වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එය බටහිර ඕස්ටේ‍්‍රලියාවේ ඔන්ස්ලෝහි වෙරළබඩ නගරයකින් වාර්තා වී ඇති අතර එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 50.7  (123.26F)ක් බවයි පැවසෙන්නේ.

1960 දී දකුණු ඕස්ටේ‍්‍රලියාවෙන් මෙවැනිම උෂ්ණත්වයක් වාර්තා වූ බවද සඳහන්.

එමෙන්ම මේ වනවිට බටහිර ඔස්ට්‍රේලියාවේ පසුගිය මාසයේ සිටම  විශාල ලැව්ගිනි වාර්තා වී තිබෙනවා

මාග්‍රට් ගඟ අසල ඇති වූ එක් ගින්නක් හෙක්ටයාර 6,000කට වඩා වැඩි භූමි ප්‍රදේශයක්  දැවී ගියා.

මේ අතර තවත් නගර දෙකක් වන Mardie සහ Roebourne  සෙල්සියස් අංශක 50 ට වඩා වැඩි උෂ්ණත්වයක් වාර්තා කරනු ලැබුවා.

කාලගුණ විද්‍යා කාර්යාංශයේ ලූක් හන්ටින්ටන් පවසා තිබෙන්නේ  ගිගුරුම් සහිත වැසි නොමැතිකම හේතුවෙන් කලාපයේ උණුසුම් වාතය ගොඩනැගීමට හේතු වී ඇති බවයි.

 

 

Share This