සෙනගාලයේ ගැටුම්වලින් 350කට වැඩි පිරිසකට තුවාල

සෙනගාලයේ ගැටුම්වලින් 350කට වැඩි පිරිසකට තුවාල

සෙනගාලයේ විපක්ෂ නායක Ousmane Sonko හට වසර දෙකක සිර දඬුවමක් පැනවීමෙන් පසු ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයින් 360කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව රතු කුරුස සංවිධානය සඳහන් කර තිබෙනවා.

Dakar අගනුවර සහ Sonkoගේ උපන් නගරය වන Zinguinchorහි විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Ousmane Sonkoගේ ආධාරකරුවන් පවසන්නේ තරුණ කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනාව මත ඔහු වරදකරු කිරීම දේශපාලනික උපාය මාර්ගයක් බවයි.

මේ අතර එරට රජය ජංගම දුරකථන හරහා අන්තර්ජාලයට ප්‍රවේශ වීම සීමා කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This