සුනඛයින් 6ක් සමඟ යුවළක් අත්අඩංගුවට

සුනඛයින් 6ක් සමඟ යුවළක් අත්අඩංගුවට

සුනඛයින් 6 දෙනෙකු අමානුෂික අන්දමින් සහ සැක කටයුතු ලෙස රැගෙන යමින් සිටි යුවළක් ඊයේ (12) අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය පවසනවා

දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

නීති විරෝධී අන්දමින් සුනඛයින් කරත්තයක දමා රැගෙන යන බවට සුනඛයින් සුරැකීමේ සංවිධානයක් විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබාදුන් තොරතුරකට අනුව වාද්දුව දුම්රිය පොළ ආසන්නයේ දී ගැබ්බර බැල්ලියක සහ තවත් ගැහැනු පැටවුන් පස්දෙනෙකු සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා

අනතුරුව ඔවුන් දෙදෙනා පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පසු ලබන 18 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා

ඊළඟ නඩුවාර දිනයේදී වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සැකකරුවන් මානසික වෛද්‍යවරයෙකු හමුවට පමුණුවාලීමට පොලීසියට අවසර ලබාදෙන ලෙස බන්ධනාගාරයට නියම කළ අධිකරණය, සුනඛයින් පශුවෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර සුරතල් සතුන් රැක බලගන්නා මධ්‍යස්ථානයක් වෙත යොමු කරන ලෙසද නියම කර තිබෙනවා .

නඩුව ලබන ඔක්තෝම්බර් 18 වනදා යළි කැඳවීමට නියමිතයි .

Share This