සුනඛයින් දෙදෙනෙකු ‘යටකර ඝාතනය කළ ‘ කාන්තාව හසුවේ  –  අධිකරණය ගත් තීරණය මෙන්න

සුනඛයින් දෙදෙනෙකු ‘යටකර ඝාතනය කළ ‘ කාන්තාව හසුවේ – අධිකරණය ගත් තීරණය මෙන්න

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සුනඛයින් දෙදෙනෙකු යටකර පළායන මෝටර් රථයක CCTV දර්ශනවලට අදාළ වාහනය පැදවූ කාන්තාව මතුරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශරීර ඇප මත මුදාහැර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තමන් මේ සම්බන්ධයෙන් වරද පිළිගන්නා බවත් වරද සම්බන්ධයෙන් පසුතැවෙන බවත් එම කාන්තාව අධිකරණය කමුවේ සඳහන් කර තිබෙනවා.

එම නඩුව ජුනි මස 01 වන දින යළි කැඳවීමට නියමිතයි.

Share This