සුදු ලූනු වංචාවට අත්අඩංගුවට ගත් සිව්දෙනා රිමාන්ඩ්

සුදු ලූනු වංචාවට අත්අඩංගුවට ගත් සිව්දෙනා රිමාන්ඩ්

ලක් සතොසේ සිදු වූ සුදු ලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිව්දෙනා ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔවුන් අද (12) වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ලක් සතොසේ සිදු වූ සුදු ලූනු වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය විසින් ඊයේ (11) ඔවුන් අත්අඩංගුවට ගැණුනා.

එලෙස අත්අඩංගුවට ගැනුණේ ලක් සතොසේ මිලදීගැනීම් පිළිබඳ සහකාර සාමාන්‍යාධිකාරීවරිය, ජ්‍යෙෂ්ඨ කළමණාකරු සැපයුම්, වැලිසර තොග අලෙවිසැලේ කළමනාකරු සහ කළමනාකරු සැපයුම් සහ කළමනාකරු සැපයුම් සහ සැපයුම් කළමණාකාරවරයායි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන විමර්ශනවලට අදාළව කට උත්තර ලබා දීම සඳහා ඊයේ පැමිණි අවස්ථාවේදී එම පිරිස අත්අඩංගුවට ගැනුණා.

මේ අතර මීට පෙර අදාළ සුදු ලූනු තොගය මිලදී ගත් ව්‍යාපාරිකයාව ද අත්අඩංගුවට ගත් අතර ඔහු මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

එමෙන්ම අද (12) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරික්ෂණයක් පැවැත්වීම සඳහා නිලධාරීන් තිදෙනෙකු පත්කර ඇති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ.

Share This