සිරිපා සමය ඇරඹෙන උතුම් උඳුවප් පොහෝ දිනය අදයි (වීඩියෝ)

සිරිපා සමය ඇරඹෙන උතුම් උඳුවප් පොහෝ දිනය අදයි (වීඩියෝ)

වර්ෂයේ අවසාන පොහෝ දිනය වන උඳුවප් පොහෝ දිනය අදට යේදී තිබෙනවා.

ශාසනික සහ ආගමික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුවූ මෙම උඳුවප් පොහොය ලංකාවාසී මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනතාවට වැදගත් දිනයක්.

බෞද්ධ ජනයාට ඉතා වැදගත් වන ශ්‍රී පාද සමය සෑම වසරකම ආරම්භ වන්නේ ද අද වැනි උඳුවප් පොහෝ දිනයකදීයි.

අද වැනි උඳුවප් පෝ දිනෙක දඹදිව සිට සංඝමිත්තා මහ රහත් තෙරණිය විසින් වැඩමවන ලද බෝධි ශාඛාව දේවානම්පියතිස්ස රජු විසින් අනුරාධපුර මහමෙව්නා උයනෙහි පිහිටුවනු ලැබුවා.

අනුලා දේවිය ඇතුළු සෝවාන් ඵල ලැබ සිටි කාන්තාවන් පිරිසක් පැවිදි බවට පත්කර ලක්දිව මෙහෙණි සස්න පිහිටවනු ලැබුවේ ද අද වැනි උඳුවප් පුර පොහෝ දිනක වීම විශේෂත්වයක්.

මේ අතර උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය සැදැහැ සිතින් සංවිධාන කරන ‘අමාදහර’ වැඩසටහන ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර රජමහා විහාර පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් අද දවස පුරා ක්‍රියාත්මක වනවා.

 

 

Share This