” සිදාදියේ සමනලියෝ ” මැයි 10දා සිට

” සිදාදියේ සමනලියෝ ” මැයි 10දා සිට

ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන ධනංජය සිරිවර්ධනගේ ප්‍රථම අධ්‍යක්ෂණය වන “සිදාදියේ සමනලියෝ” ටෙලිනාට්‍යය මැයි 10දා සිට ස්වර්ණවාහිනිය ඔස්සේ ප්‍රේක්ෂකයින් වෙත තිළිණ කිරීමට නියමිතව තිබෙනවා.

රාත්‍රී 7.30ට සතියේ දින පහ පුරාම විකාශය වීමට නියමිත මෙම ටෙලිනාට්‍යයේ මුහුරත් උළෙල පසුගිය 22 දින පැවැත්වුණා.

මෙම නිර්මාණය සඳහා ධනංජය සිරිවර්ධන, යශෝධා විමලධර්ම, විශ්වජිත් ගුණසේකර, අකිල ධනුද්දර, අංජන ප්‍රේමරත්න, මේනක රාජපක්ෂ, රොශාන් රණවන, අශේන් සිරිවර්ධන, සංජීව සෙනෙවිරත්න, හේශාන් මාලිංග, අනිල් k විජේසිංහ, සමීර කැකුලන්දර, මිශෙල් දිල්හාරා, සජිනි රෝයි, තරින්දි ප්‍රනාන්දු, මනෝජා ප්‍රනාන්දු, වොශිකා පෙරේරා, සිඩිනි පෙරේරා, හංසමාලා ජානකී මෙන්ම ජනප්‍රිය සහ නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් රංගන දායකත්වය ලබාදෙන බව වාර්තා වනවා.

ධනංජයගේ ප්‍රථම ටෙලි අධ්‍යක්ෂණය වන මෙම ටෙලිනාට්‍යය අරුණ ජයවර්ධන ප්‍රවීණ අධ්‍යක්ෂකවරයාගේ තිර රචනයක් සහ පණ්ඩුක වීරසේකරගේ නිෂ්පාදනයක් වනවා.

වෙනස් විදිහේ ගැහැණු ළමුන් පස් දෙනෙකු වටා මෙම කතාව ගෙතී ඇති අතර සමාජයේදී ඔවුන්ට මුහුණ දිමට සිදුවන අත්දැකීම් පිළිබඳව මෙම නාට්‍යය තුලින් කියාපෑමට උත්සහ දරන බවයි අධ්‍යක්ෂකවරයා වන ධනංජය සිරිවර්ධන කියා සිටියේ.

 

Share This