සිංගප්පූරුවේ චැංගි ලෝකයේ හොඳම ගුවන්තොටුපළ වෙයි

සිංගප්පූරුවේ චැංගි ලෝකයේ හොඳම ගුවන්තොටුපළ වෙයි

සිංගප්පූරුවේ චැංගි Changi ගුවන්තොටුපළ ලෝකයේ හොඳම ගුවන්තොටුපළ ලෙස යළිත් වරක් නම් කර තිබෙනවා.

එම ගුවන් තොටුපල මෙලෙස නම් කෙරුණේ 12 වෙනි වරට වීම විශේෂත්වයක්.

ගුවන් ප්‍රවාහන පර්යේෂණ ආයතනයක් වන ස්කයිට්‍රැක්ස් Skytrax ලෝක ගුවන්තොටුපළ සම්මාන උළෙලේදී “World Airport Awards 2023” චැංගි ගුවන්තොටුපළ ලොව හොඳම ගුවන්තොටුපළ ලෙස මෙන්ම ලෝකයේ හොඳම භෝජන පහසුකම් සහිත ගුවන්තොටුපළ සහ ලොව හොඳම විවේක පහසුකම් සහිත ගුවන්තොටුපළ ලෙසද නම් කර ඇති බව සඳහන්.

මෙම Skytrax සමීක්ෂණයට ජාතීන් 100කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරන ගෝලීය සංචාරකයින් සහභාගී වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

මීට අමතරව දෝහාහි හමාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙවන ස්ථානයට පත් වූණා.

එහිදී තෙවන ස්ථානය දිනා ගැනීමට ටෝකියෝ හි හනේඩා ගුවන් තොටුපළ සමත් වූ අතර ඉන්චියොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සිව්වන ස්ථානය දිනා ගත්තා.

ජපානය මෙම වසරේ හොඳම ගුවන් තොටුපළ 10 අතරට ගුවන් තොටුපළ දෙකක් හිමි වූ අතර නරීටා Narita ජාත්‍යන්තර ගුවන් තොටුපළ නවවැනි ස්ථානයට පත් වීම ද විශේෂත්වයක්.

Share This