සැමියා සහ බිරිඳ නිවසේ දී  මරුට – දෙදෙනාටම කොවිඩ් බව පසුව හෙළිවේ

සැමියා සහ බිරිඳ නිවසේ දී මරුට – දෙදෙනාටම කොවිඩ් බව පසුව හෙළිවේ

ගාල්ලේ නාගොඩ නිවසක මියගොස් සිටියදී හමුවූ එකම පවුලේ සැමියා සහ බිරිඳ දෙදෙනා ම කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් අධිකාරී මහතා liveat8.lk වෙබ් අඩවියට සඳහන් කළා.

මෙලෙස මියගොස් ඇත්තේ නාගොඩ කුරුපනාව පදිංචි 73 හැවිරිදි පුද්ගලයකු සහ 72 හැවිරිදි කාන්තාවකුයි.

පෙරේදා (02) මියගිය සැමියාගේ සිරුර කරාපිටිය රෝහලට ගෙනවිත් කරන ලද PCR පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිත බව  තහවුරු වූ අතර ඊයේ (03) ඔහුගේ බිරිඳ ද නිවසේ දී ම මියගොස් තිබෙනවා.

ඇගේ සිරුර ද කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනවිත් කරන ලද PCR පරීක්ෂණයේ ප්‍රතිඵල අද (04) උදෑසන ලැබුණු අතර ඉන් තහවුරු වී තිබුණේ ඇය ද කොරෝනා ආසාදනය වී මියගොස් ඇති බවයි.

Share This