‘ස්මාර්ට්’ කැබ් මාදිලියේ වාහන 3000 ක් ලංකාවට – අඩු රේගු බදු මුදලක්

‘ස්මාර්ට්’ කැබ් මාදිලියේ වාහන 3000 ක් ලංකාවට – අඩු රේගු බදු මුදලක්

ඩබල් කැබ් මාදිලියේ වාහනවලට සමාන අයුරින් නිෂ්පාදනය කර තිබූ ‘ස්මාර්ට්’ කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී, ශ‍්‍රී ලංකා රේගුව විසින් ඒ සඳහා ‘සිංගල් කැබ්’ මාදිලියේ වාහන ආනයනය කිරීමේදී අය කරන අඩු රේගු බදු මුදලක් අය කරගැනීම නිසා පසුගිය කාලයේ දී එක වාහනයකින් රුපියල් ලක්ෂ 10 බැගින් රජයට පාඩුවක් සිදුවී තිබෙන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සිදුකළ නිරීක්ෂණයකට අනුව අනාවරණය වී තිබෙනවා.

එවැනි වාහන 3000 ක් සඳහා රුපියල් කෝටි 300ක පාඩුවක් රජයට සිදුවී තිබෙන බවයි එමගින් අනාවරණය වී ඇත්තේ.

ශ‍්‍රී ලංකා රේගුව විසින් වාහන ආනයනය කිරීමේදී හා එම වාහන මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේදී විශාල වශයෙන් බදු අක‍්‍රමිකතා සිදුවන බවත් එමගින් රටට විශාල බදු ආදායමක් අහිමි වන බවත් අදාළ වාර්තාවේ නිරීක්ෂණයෙහි දැක්වෙනවා.

වාර්තාවේ නිරීක්ෂණවලට අනුව රේගුව විසින් විශේෂ කාර්යයන් සඳහා අඩු බදු ප‍්‍රමාණයක් ගෙවා ආනයනය කරනු ලබන වාහන ද්විත්ව කාර්යය වාහන ලෙස මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබෙනවා.

Share This