සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට යයි

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට යයි

ආරක්ෂක තොගයක් ලෙස සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කර ගබඩා කර තැබීමට තීරණය කළ බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

වී මිල, සහල් මිල සහ ජීවන වියදම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ අද (04) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.‍

එමෙන්ම අතරමැදියන් විසින් වී තොග මිලදී ගෙන සැඟවීමට කටයුතු කළහොත් ඒවා රාජසන්තක කර දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

Share This