සහල්  මිල ඉහළට

සහල් මිල ඉහළට

සහල් සඳහා පනවා තිබූ පාලන මිල රජය ඉවත් කිරීමත් සමඟ වෙළෙඳපොළේ  සහල්  මිල තවදුරටත්  ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා.

ඒ  අනුව  සාමාන්‍ය  වෙළෙඳසැල්වල  රතුකැකුළු  සහල්  කිලෝවක්  රුපියල්  160  ත්  180  ත්  අතරත්,  නාඩු  සහල්  රුපියල් 170 ත් 190 ත් අතරත්, සම්බා සහල්  රුපියල් 230 ත් 260 ත් අතර වූ විවිධ මිල ගණන්වලට අලෙවිවෙමින් පවතින බවයි පැවසෙන්නේ.

සහල්  මිල  පාලනය  ඉවත්  කිරීමට  රජය  තීරණය  කළ  නිසා  ඇතැම්  වෙළෙඳුන්  සිතූ  සිතූ  මිලට  සහල්  අලෙවි කිරීමට පියව ගෙන් තිබෙනවා.

පිටකොටුව තොග වෙළෙඳපොළේ සම්බා සහල්  කිලෝවක්  රුපියල්  165කට,  නාඩු  සහල්  රුපියල්  148කට,  සුදු  කැකුළු  රුපියල්  157කට  සහ  රතු  කැකුළු  කිලෝවක් රුපියල් 161කට අලෙවි වන බව සඳහන්

එම තොග වෙළෙඳසල්වල ආනයනික පොන්නි සම්බා සහල් කිලෝවක් රුපියල් 126කටත්, නාඩු සහල් කිලෝවක් රුපියල් 120කටත්, සුදු කැකුළු කිලෝවක් රුපියල් 122කටත් අලෙවි වී ඇති අතර තොග  වෙළෙඳපොළෙ  හී  ඉකුත්  සතියට  සාපේක්ෂව  සෑම  කිලෝවකම  මිල  රුපියල්  පහට  වඩා  ඉහළ  ගොස් තිබෙනවා.

Share This