සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වූ  උපතැපැල් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වූ උපතැපැල් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වු පුද්ගලයින් දෙදෙනෙකු කහටගස්දිගිලිය සහ කාත්තන්කුඩි යන ප්‍රදේශවල දී ත්‍රස්ත ක්‍රියා විමර්ෂන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

2018 වර්ෂයේ දි සහරාන් හසීම් ඇතුළු 05 දෙනෙකුට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන අතර මේ පුද්ගලයා කහටගස්දිගිලිය මුකරියාව උපතැපැල් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ අයෙක්.

එමෙන්ම මඩකලපුව බන්ධනාගාර ගතව සිටි කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 35 පුද්ගලයෙක් අන්තවාදි මත ප්‍රචාරය කිරීම හා සහරාන් හෂිම් සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මත අත්ඩංගුවට ගෙන තිබෙනවා.

Share This