සරණාගතයින් ගැන එක්සත් ජනපදය සහ කැනඩාව එළඹි ගිවිසුම

සරණාගතයින් ගැන එක්සත් ජනපදය සහ කැනඩාව එළඹි ගිවිසුම

නිල නොවන දේශසීමා හරස් මාර්ග හරහා පැමිණෙන සරණාගතයින් ප්‍රතික්ෂේප කිරීම සඳහා එක්සත් ජනපදය සහ කැනඩාව ගිවිසුමකට එළඹ ඇති බව බලධාරීහු පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ අද (24) ඔටාවා හි සිදු කෙරෙන බයිඩන්ගේ සංචාරය අතරතුර මෙම ගිවිසුම ප්‍රකාශයට පත් කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

දේශසීමා දෙපස සිටින නිලධාරීන්ට එවැනි සරණාගතයින් දෙපසට ආපසු හරවා යැවීමට මෙම ගිවිසුමෙන් අපේක්ෂා කෙරෙනවා

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කැනේඩියානු අගමැතිවරයා සමග ආර්ථික, වෙළඳ සහ සංක්‍රමණ ගැටළු ගැන සාකච්ඡා කිරීමට නියමිත අතර ඔහු නැවත එක්සත් ජනපදයට පැමිණීමට පෙර සංක්‍රමණ ගිවිසුම ප්‍රකාශයට පත් කිරීමට නියමිත වනවා

Share This