සමුගත් මාලිංග වෙනුවෙන් තැබූ සටහන්

සමුගත් මාලිංග වෙනුවෙන් තැබූ සටහන්

පන්දු වාර විස්සයි 20 තරගවලින් සමු ගැනීම ප්‍රකාශයට පත් කළ ලසිත් මාලිංගට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා.

ඔහුගේ අනාගතයට සුබ පැතුම් එක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසක් සමාජ ජාල ඔස්සේ සටහන් තබා තිබුණා.

“වසර 17 ක් පුරාවට ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මම ලබාගත් දැනුම, අත්දැකීම් තවදුරටත් මට ක්‍රිකට් පිටියක් තුල අවශ්‍යය වෙන එකක් නෑ.. මොකද..මගේ ක්‍රිකට් ජීවිතයේ ඉතිරි වුන අවසන් පුරුක,T20 ක්‍රිකට් වලටත් සමුදීමට මම අද තීරණය කළා.ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න, ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න මහන්සිවෙන අපේ නවක ක්‍රීඩකයන්ට වගේම ක්‍රිකට් වලට ආදරය කරන ඔයාලා එක්ක මම හැමදාමත් ඉන්නවා.
තෙරුවන් සරණයි!” යනුවෙන් මාලිංග සිය සමුගැනීම ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබුණා.

මාලිංගගේ සමු ගැනීම සහ ඔහු පිළිබඳව සමාජ මාධ්‍යවල තබා ඇති සටහන් කිහිපයක් පහතින් කියවිය හැකියි.

 

Share This