සඳහිරු සෑය පුණ්‍ය භාරය ‘අනුරාධපුර මහ රෝහලට’ රුධිර පෙරන යන්ත්‍රයක් පරිත්‍යාග කරයි

සඳහිරු සෑය පුණ්‍ය භාරය ‘අනුරාධපුර මහ රෝහලට’ රුධිර පෙරන යන්ත්‍රයක් පරිත්‍යාග කරයි

සඳහිරු සෑය පුණ්‍ය භාරය හරහා ලැබුණු අරමුදල්වලින් අනුරාධපුර මහ රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකයට රුපියල් ලක්ෂ 33 ක් වටිනා රුධිර කාන්දු පෙරන යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම ඊයේ (04)සිදු කෙරුණා.

ඒ,ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ සහභාගීත්වයෙන්.

ආරක්‍ෂක ලේකම්වරයාගේ සංකල්පයක්‌ මත ආරම්භ කරන ලද ‘සඳහිරු සෑය පුණ්‍ය භාරය’ හරහා මෙම කර්තව්‍යයට අරමුදල් සම්පාදනය කරන ලද අතර එම අරමුදල් යොදා ගනිමින් සිදුකරන ලද පළමු පරිත්‍යාගය ද මෙයයි.

රජරට විශ්වවිද්‍යාලයේ කුලපති රුවන්වැලි සෑ විහාරස්ථානාධිකාරි පූජ්‍ය ඊතලවැටුනුවැවේ ඤාණතිලක නාහිමි ඇතුළු මහා සංඝරත්නය ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Share This