සංශෝධන පනත් කෙටුම්පත් දෙකක්  දෙවනවර කියැවීමට පාර්ලිමේන්තුවට

සංශෝධන පනත් කෙටුම්පත් දෙකක් දෙවනවර කියැවීමට පාර්ලිමේන්තුවට

 

සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයක් (දෙවන වර කියවීම) සහ නියමයක් හෙට (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අධිකරණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එකඟ වුණා.

මේ අනුව තරුණ වරදකරුවන් (පුහුණු පාසැල්) (සංශෝධන) පනත් කෙටුම්පත, දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සහ 2021.07.02 දින අංක 2234/67 දරන ගැසට්පත්‍රයේ පළ කරන ලද සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ නියෝගයක් විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කරගැනීමට නියමිතයි.

තරුණ වරදකරුවන් (පුහුණු පාසැල්) (සංශෝධන) පනත් කෙටුම්පත මඟින් කලින් ස්ථාපිත කර තිබූ අවු. 18 ට අඩු වයස් සීමාව අවු. 18-22 ලෙස සංශෝධනය කෙරෙනු ඇති.

දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත මඟින් බාලවයස්කරුවන්ට මරණීය දණ්ඩනය නියම කිරීම වෙනුවට සිරදඩුවම් නියම කිරීමේ විධිවිධාන ස්ථාපිත කෙරෙනවා.

Share This