සංචාරක වැසිකිළි පවිත්‍ර කරන්න රුපියල් ලක්ෂ 15ක්

සංචාරක වැසිකිළි පවිත්‍ර කරන්න රුපියල් ලක්ෂ 15ක්

සංචාරකයින් වෙනුවෙන් ආයතන 24 ක පිහිටුවා ඇති වැසිකිළි පවිත්‍ර කිරීමට රුපියල් ලක්ෂ 15ක් මාසිකව මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් වැය කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පවසනවා.

එම වැසිකිළි දේශීය සංචාරකයින් විසින් නිසි පරිදි භාවිත නොකිරීම හේතුවෙන් නිතර අපිරිසිදු තත්ත්වයට පත්වන ඒවා පිරිසිදු කිරීමට පමණක් අදාළ මුදල වැය වන බවයි ඔහු පෙන්වාදෙන්නේ.

කෙසේවෙතත් විදේශීය සංචාරකයින් හොඳ තත්ත්වයෙන් වැසිකිළි භාවිත කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා සඳහන් කළා.

Share This