සංචරණ සීමා ජුනි 21 ඉවතට – ඉන්පසු දැඩි කොන්දේසි

සංචරණ සීමා ජුනි 21 ඉවතට – ඉන්පසු දැඩි කොන්දේසි

දැනට පනවා ඇති සංචරණ සීමා ජූනි 21 වනදා අලුයම 4ට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

එහෙත් පළාත් අතර සංචරණ සීමා එලෙසම තවදුරටත් ක්‍රියාත්මක කරනු ඇති‍.

මේ අතර ජූනි 23 වැනිදා රාත්‍රී 10.00 සිට 25 වැනිදා අලුයම 4 දක්වා පමණක් පෙර පරිදිම සංචරණ සීමා නැවත පැනවෙනවා.

මහජන රැස්වීම්, පොදු ස්ථානවල හමුවීම් , උත්සව සහ සාද තවදුරටත් තහනම් වන අතර රාජ්‍ය සේවයේ දැනට සිදුවන ආකාරයට නිවෙස්වල සිට රාජකාරී ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මකයි.

කෙසේ වුවද ජූනි 21 වැනිදා අලුයම 04 වැනිදායින් පසුව දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව වෙළඳසැල් ‌විවෘත කිරීමේ හැකියාව පවතිනවා.

Share This