ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නව පුහුණුකාර පත්වීම් 14ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නව පුහුණුකාර පත්වීම් 14ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව පුහුණුකාර පත්වීම් 14 ක් පිරිනමා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් නෙදර්ලන්ත කණඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු ඇන්ටන් රූක්ස් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

මාර්තු මස 07 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි රූක්ස් ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරනු ඇති.

දකුණු අප්‍රිකාවේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසින් ක්‍රීඩා කොට ඇති රූක්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ධුරයට අමතරව සෙසු සිය සියලුම ජාතික කණ්ඩායම්වල මෙන්ම ඉහල කාර්ය සාධන මධ්‍යස්ථානයේ පන්දු රැකීම භාරව කටයුතු කරනු ලබනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සම්බන්ධවීමට පෙර රූක්ස් එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන නොටිංහැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ සහාය පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරනු ඇති.

ඇමරිකාවේ නිව්යෝක් නුවර උපත ලබා ඇති රූක්ස් 40 වැනි වියේ පසුවනවා..

මේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධනත් සහය පුහුණුකරු ලෙස තිළිණ කණ්ඩම්බිත් පත්කර තිබෙනවා.

Share This