ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ශකීබ්ට කැඳවීමක්

ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ශකීබ්ට කැඳවීමක්

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා තුන් ඉරියව් ක්‍රිඩක ශකීබ් අල් හසන් බංග්ලාදේශ සංචිතයට කැඳවා තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ශකීබ් අල් හසන්ට නිමා වූ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය අහිමිව ගියා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය මැයි 15 වනදා බංග්ලාදේශයේ චැටෝග්‍රෑම් හිදි ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම මැයි 08 වන දින බංග්ලාදේශය ලබා පිටත්ව යාමට නියමිතයි.

මෙම තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් බංග්ලාදේශය පසුගිය දා නම් කළා.

Share This