ශ්‍රී ලංකාවේ ව්‍යාපාර හිතකර පරිසරය ගැන ‘චෙන්නායි හි ව්‍යාපාරිකයන්ව’ දැනුවත් කෙරේ

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර හිතකර පරිසරය ගැන ‘චෙන්නායි හි ව්‍යාපාරිකයන්ව’ දැනුවත් කෙරේ

ශ්‍රී ලංකාවේ පවතින ව්‍යාපාර හිතකර පරිසරය මෙන්ම වෙළඳ හා ආයෝජන අවස්ථා පිළිබඳව රෙදිපිළි නිෂ්පාදකයන් දැනුවත් කිරීම අරමුණු කරගනිමින් චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් දූත මණ්ඩල පරිශ්‍රයේ දී හමුවක් සංවිධානය කරනු ලැබ තිබුණා.

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ඩී. වෙන්කටේෂ්වරන් මහතා මෙහිදී සිය අදහස් පළ කරමින් ඉන්දියාව ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා සහ දෙවැනි විශාලතම වෙළඳ හවුල්කරුවා බවත් දෙරටටම වාසිදායක වන අතිවිශාල වෙළෙඳ හා ආයෝජන අවස්ථා රැසක් ශ්‍රී ලංකාව තුළ පවතින බවත් අවධාරණය කර සිටියා.

 

Share This