ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කැප්ටන් පාස්පෝට් එක නැති කරගෙන – කොදෙව් රටට ගිහින් නෑ

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කැප්ටන් පාස්පෝට් එක නැති කරගෙන – කොදෙව් රටට ගිහින් නෑ

බටහිර ඉන්දීය කොදෙව් තරඟ සංචාරය සදහා ශ්‍රී ලංකා පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස පත් කළ දසුන් ශානක කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් සමග කොදෙව් තරග සංචාරයට එක් නොවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

දසුන් ශානකගේ විදෙස් ගමන් බලපත්‍රය අස්ථාන ගත වීමත් සමග  වීසා සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මත ඔහුට සංචාරය සදහා සහභාගී වීමට නොහැකි වූ බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

කෙසේ වෙතත්, කඩිනමින් මෙම ගැටලුව විසදා ගැනීමට කටයුතු කරමින් සිටින බවත්, දසුන් ශානක නුදුරේදී ම කණ්ඩායම සමග එක්වනු ඇති බවත් ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Share This