ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ ඔටෝ මොබයිල් ක්ෂේත්‍රයේ වැඩි රැකියා අවස්ථා ලබාදීම සඳහා ඔටෝ මොබයිල් පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටත්, එහි පුහුණුව ලබන පුහුණුලාභීන්ට සෘජුවම ජපානයේ රැකියා අවස්ථා ලබාදීමටත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හමුවීමට පැමිණි ඉහළ පෙළේ ජපන් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත කණ්ඩායමක් එකඟතාවය දැක්වූ බව එම අමාත්‍යංශය පවසනවා.

ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය FUJIMARU Satoshi සහ හිටපු රාජ්‍ය අමාත්‍ය YAMAMOTO Kozo යන මහත්වරුන් ප්‍රමුඛ ජපාන නියෝජිත කණ්ඩායමක් අද (11) උදෑසන කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේදී හමුවූ අතර එහිදී ජපාන නියෝජිත කණ්ඩායම මෙම එකඟතාවය දැක්වූ බවයි අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ඔටෝ මොබයිල් ක්ෂේත්‍රයේ රැකියා ඉලක්ක කරගත් මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය  ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට මෙහිදී අවධානය යොමුව ඇති අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම සහ සහාය  ලබාදීමටද මනුෂ නානායක්කාර අමාත්‍යවරයා එකඟතාවය පළ කර තිබෙනවා.

Share This