ශ්‍රී ලාංකිකයින් 110 ක් කොරියානු රැකියා සඳහා පිටත්ව යයි

ශ්‍රී ලාංකිකයින් 110 ක් කොරියානු රැකියා සඳහා පිටත්ව යයි

කොරියානු රැකියා සඳහා ගිවිසුම් හිමි වූ තවත් ශ්‍රී ලාංකිකයින් 110 දෙනෙකු දකුණු කොරියාව බලා පිටව ගොස් තිබෙනවා.

මෙම කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත්ව ගිය 739 වන කණ්ඩායමයි.

2022 වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 3569 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් 2794 දෙනෙකු, ධීවර රැකියා සඳහා 724 දෙනෙකු, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා 49 දෙනෙකු හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා දෙදෙනෙකු දකුණු කොරියාව බලා පිටත්ව ගොස් ඇති බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හා දකුණු කොරියානු රජයේ නියෝජිතයින් අතර පසුගිය සමයේ පැවති සාකච්ඡාවලදී මාස 6ක් තුළ ශ්‍රි ලාංකිකයින් 5800 දෙනෙකු කොරියානු රැකියා සඳහා පිටත්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද සඳහන්.

එහි ප්‍රථිඵලයක් ලෙස කඩිනමින් රැකියා ගිවිසුම් අත්සන් කර ශ්‍රි ලාංකිකයින් දකුණු කොරියාවට පිටත්කිරිමට කටයුතු කරමින් පවතින බවද අදාල නිවේදනයේ සඳහන්.

Share This