ශ්‍රී ලන්කන් ෆෙස්ටිවල් 2023 ජපානයේ දී සාර්ථකව

ශ්‍රී ලන්කන් ෆෙස්ටිවල් 2023 ජපානයේ දී සාර්ථකව

ජපානයේ ශ්‍රී ලංකා සංගමය සංවිධානය කළ ශ්‍රී ලන්කන් ෆෙස්ටිවල් 2023 ජපානයේ කමගයා නාගරික ක්‍රීඩාංගනයේ දී  පැවැත් වුණා.

ශ්‍රී ලංකාව සංචාරක වශයෙන් ජපන් ජාතිකයන් අතර ප්‍රවර්ධනය කිරීමත් ශ්‍රී ලාංකේය නිෂ්පාදන හා සේවාවන් ප්‍රවර්ධනය කිරීමත් මෙහි ප්‍රධාන අරමුණ බවයි ජපන් ශ්‍රී ලංකා සංගමයේ සභාපති සමන් ප්‍රියංකර මහතා සඳහන් කළේ.

මෙම අවස්ථාවට ජපන් ජාතිකයන් රැසක් එක්ව සිටියා

ශ්‍රී ලංකික ආහාර පාන ලබා ගැනීම සදහා මෙහි දී ජපන් ජාතිකයන් අතර විශාල උනන්දුවක් දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මග පෙන්වීමෙන් ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය, වාහන ආනයනයකරුවන්ගේ සංගමය ඇතුළු ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ දායකත්වය ද ඒ සඳහා හිමිවුණා.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූයේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති පෙරේරා මහතා සහ කමගයා නගරාධිපතිනියයි,

Share This