ශ්‍රී ලංකාව පරදා ඇෆ්ගනිස්ථානය ජයපැන් බොයි

ශ්‍රී ලංකාව පරදා ඇෆ්ගනිස්ථානය ජයපැන් බොයි

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්වුණා.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 268ක්.

අනතුරුව ලකුණු 269ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දු වාර 46 යි පන්දු 5ක් අවසානයේ කඩුලු 04ක් දැවී සිය ඉලක්කය පසු කළා.

Share This