ශ්‍රී ලංකාවේ අනාගතය ගැන සුබ දැක්මක් ඇතිව, 2023 අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ – ශෙහාන් සේමසිංහ

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන සුබ දැක්මක් ඇතිව, 2023 අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ – ශෙහාන් සේමසිංහ

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන සුබ දැක්මක් ඇතිව කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන මූලික සැලැස්මක් 2023 අයවැය ඉදිරිපත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ පවතින අර්බුදයන්ගෙන් මුදවා ‌ගෙන ආර්ථික ස්ථායීකරණයක් කරා 2023 අයවැයේ සාර්ව රාජ්‍ය මූල්‍ය රාමුවක් (Macro Fiscal Framework) සකස් කර ඇති බවයි.

“2023 වර්ෂයේ ආරම්භයේ සිට 2025 දක්වා කාලය වන විට ආර්ථිකය ස්ථායී මට්ටමකට ගෙන ඒමට මෙම අයවැයෙන් බලාපොරොත්තු වෙනවා. ආර්ථික ස්ථායීකරණය දීර්ඝකාලීන වශයෙන් පවත්වාගෙන යාමෙන් 2048 වන විට සංවර්ධිත රටක් බවට පත් වීමට ඉලක්කයක් ඇතිවයි මෙම අයවැය සකස් කර තිබෙන්නේ” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටිනවා.

“අපේ රටේ වගවීම සහ විනිවිධභාවය වඩා තහවුරු කරමින් Public Finance Management Act රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පණත් කෙටුම්පත අළුතින් හඳුන්වා දීමට රජය ලබන වසරේ දී කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වන්නේ රජය බලාපොරොත්තු වන Anti Corruption Bill හෙවත් දූෂණ වැලැක්වීමේ පනත් කෙටුම්පත ලබන වර්ෂයේදී ඉදිරිපත් කිරීම. මේ සඳහා කිසිඳු භේදයකින් තොරව මූල්‍ය විනය සහ වගවීම තහවුරු වීමට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියළු මැති ඇමතිවරුන්ගේ සහයෝගය බලපොරොත්තු වෙනවා.” යැයි මෙම සංවාදය අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව සඳහන්.

Share This