“වෝටර් ජෙල්” 58 ක් සමඟ සැකකරුවන් 02 ක් කොටුවෙයි

“වෝටර් ජෙල්” 58 ක් සමඟ සැකකරුවන් 02 ක් කොටුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ‍‍පොලිසිය හා එක්ව ත්‍රිකුණාමලය බස් නැවතුම්පොළ අසල ඊයේ (18) දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 58 ක් සහ ඩෙටනේටර් 100 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු හසුකර ගැනීමට හැකිව තිබෙනවා.

නීති විරෝධී ලෙස අලෙවි කිරීමට ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් තිබියදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ.

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් පසුවන බව ඔවුන් වැඩිදුරටත් පවසනවා.

Share This