වොලිබෝල් සම්මේලනයේ 17 වැනි සභාපතිවරයා තේරී පත්වෙයි

වොලිබෝල් සම්මේලනයේ 17 වැනි සභාපතිවරයා තේරී පත්වෙයි

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ 17 වන සභාපතිවරයා ඇතුළු නිලධාරී මණ්ඩලය තෝරා ගන්නා නිලවරණය අද පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්වුණා.

එම සම්මේලනයේ හිටපු සභාපති නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා මෙවර නිලවරණය සඳහා කෑගල්ල වොලිබෝල් සංගමයෙන් නාම යෝජනා ඉදිරිපත් කොට තිබූ අතර, කංචන ජයරත්න මහතා ඇහැළියගොඩ වොලිබෝල් සංගමයෙන් නාම යෝජනා ඉදිරිපත් කොට තිබුණා.

මෙහි දී ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ හිටපු සභාපතිවරයා වන රංජිත් සියඹලාපිටිය මහතා නාමයෝජනා පත්‍රය ඉල්ලා අස් කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ 17 වන සභාපතිවරයා වශයෙන් කංචන ජයරත්න නිතරඟයෙන් තේරී පත් වුණා.

කංචන ජයරත්න මහතා 2009 වසරේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපතිවරයා ලෙස තේරී පත් අතර දා පටන් වසර 12 ක් ශ්‍රී ලංකා වොලිබොල් සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරය ඇතුළු තනතුරු රැසක්ම හොබවා තිබෙනවා.

Share This