වෛද්‍යවරු විශ්‍රාම යාම සම්බන්ධයෙන් ඉදිරියේ දී අවධානය යොමු කරනවා -සෞඛ්‍ය ඇමති

වෛද්‍යවරු විශ්‍රාම යාම සම්බන්ධයෙන් ඉදිරියේ දී අවධානය යොමු කරනවා -සෞඛ්‍ය ඇමති

වයස අවුරුදු 60 සම්පූර්ණ වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් ඉදිරියේ දී අවධානය යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (25) පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා

”පසුගිය අතුරු අයවැයේදී වයස අවුරුදු 60 සම්පූර්ණ රාජ්‍ය නිලධාරීන් විශ්‍රාමගැන්වීමට ගත් තීරණය කෙරුණා

මෙරට සෞඛ්‍ය සේවයට බලපෑම් ඇතිනොවීම උදෙසා එම තීරණය වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමේදී සංශෝධනයට යටත්ව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ අතර ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් මාස 06ක කාලයක් පමණක් දිගුවක් ඇති කළා

ඒ අනුව 2023 ජූනි 31 දක්වා එම දිගුව ලබා දී තිබෙනවා”

වැඩි දුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, අවුරුදු 60 වයස අතුරු අයවැයේදී සම්මත වූ නිසා මෙය නීති ගත වී තිබෙන බවයි.

මෙම අවස්ථාවේ යම් කිසි වෙනසක් කළොත් ඇතැම් විට සියළු දෙනාටම අනිවාර්යයෙන්ම විශ්‍රාම යාමට සිදු වන බවත් ඒ අනුව ඉදිරියේදී ඇතිවන අධිකරණ ක්‍රියාවලියට පසුව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා

Share This