වෙළඳසැල් තුනක් බිඳ මුදල් හොරා ගත් සැකකරුවෙක් කොටු වෙයි – CCTV

වෙළඳසැල් තුනක් බිඳ මුදල් හොරා ගත් සැකකරුවෙක් කොටු වෙයි – CCTV

හැටන් නගරයේ වෙළඳසැල් තුනක් බිඳ එම වෙළඳසැල් වල තිබූ මුදල් සහ ජංගම දුරකථන සොරාගත් සැකකරුවෙකු, හැටන් නගරයේ ව්‍යාපාරිකන් විසින් අල්ලා පොලීසියට භාරදී තිබෙනවා.

අද (28) දින අලුයම 2 සිට අලුයම 4.30 දක්වා කාලය තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් , නිමි ඇඳුම් අලෙවිසැලක් සහ ජංගම දුරකථන අලෙවිසැලක් තුළට සැකකරු දොරගුළු කඩා ඇතුල් වී සොරකම් සිදු කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.

හැටන් නගරයේ පෞද්ගලික ආරක්ෂක අංශයේ නිලධාරින් අදාළ සැකකරු දැක ඒ පිලිබදව වෙළඳසැලේ හිමිකරු වෙත දැනුම් දීමෙන් පසු එම වෙලදසැල් වල සේවකයන් පලා යන සැකකරු හැටන් පොලිසියේ නිලධාරියෙකුගේද සහය ඇතිව අල්ලා ගෙන තිබුණා.

සැකකරු කොළඹ සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, එළඹෙන දිපවාලි උත්සවය නිමිත්තෙන් හැටන් නගරයේ ව්‍යාපාර කටයුතු හොඳින් සිදු වන බැවින් වෙළඳසැල් වල තිබෙන මුදල් සොරගැනීමේ අරමුණින් හැටන් නගරයට (27) දින සැකකරු පැමිණ ඇති බවයි හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් දැනට කරන ලද මුලික පරික්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

Share This