වෙරළබඩ කඳවුරකින් අතුරුදන් වූ දැරිය

වෙරළබඩ කඳවුරකින් අතුරුදන් වූ දැරිය

සති අන්තයේදී වෙරළබඩ කඳවුරකින් අතුරුදන් වූ සිව් හැවිරිදි දැරියක් පිළිබඳව මේ වනවිටත් සොයමින් සිටින බව ඕස්ට්‍රේලියානු පොලිසිය පවසන බව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ක්ලියෝ ස්මිත් නම් මේ දැරිය අවසන් වරට සෙනසුරාදා උදෑසන බටහිර ඕස්ට්‍රේලියාවේ ක්වෝබා බ්ලව්හෝල්ස් කඳවුරු භූමියේ සිය පවුලේ අයත් සමග කූඩාරමේ නිදාගෙන සිට ඇති බවත් පසුදා උදෑසන කූඩාරම විවෘතව තිබූ බවත් ඇගේ මව සඳහන් කර තිබෙනවා

පුළුල් ගුවන් සහ මුහුදු සෝදිසි කිරීම් අඛණ්ඩව සිදු කෙරෙන අතර දැරියට සිදු වූ දෙය ගැන විමර්ශන ක්‍රියාත්මක බවයි එරට පොලිසිය සඳහන් කරන්නේ

දැරියගේ මව පවසා තිබෙන්නේ සිකුරාදා රාත්‍රී ආහාරයෙන් පසු ක්ලියෝව නින්දට ගිය බවත් වතුර ඉල්ලමින් අවදි වූ විට රාත්‍රී 01:30 ට පමණ ඇයව නැවත දුටු බවත්ය

ක්ලියෝ පවුලේ කූඩාරමේ වෙනම කාමරයක ඇගේ බාල සහෝදරියගේ ඇඳ අසල වායු මෙට්ටයක් මත නිදාගෙන සිටි බව ස්මිත් මහත්මිය සඳහන් කරනවා

දැරිය නොමැති බව දැනගත් මොහොතේ සිට සෙවීමට පටන් ගත් බවත් පසුව පොලිසියට දැනුම් දුන් බවත් ඇය පවසනවා .

එරට පොලිසිය තවදුරටත් දැරිය සොයමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This