විස්සයි විස්ස පළමු ජය ඕමානයට – කඩුලු 10ක ජයක්

විස්සයි විස්ස පළමු ජය ඕමානයට – කඩුලු 10ක ජයක්

2021 පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ දී ඕමාන කණ්ඩායම පැපුවා නිව්ගිනියා කණ්ඩායම පරදා කඩුලු 10ක ජයක් ලැබුවා.

පැපුවා නිව්ගිනියා කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 129ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමාන කණ්ඩායම පන්දු වාර 13.4ක දී කිසිදු කඩුල්ලක් නොදැවී ජය වාර්තා කළා.

තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය හෙට (18) නැම්බියාවට එරෙහිව පැවැත්වෙනවා.

Share This