විස්ඩන් සඟරාව නම් කළ සුපිරි ක්‍රිඩකයින් අතරට මතීෂ පතිරණත් එක් වෙයි

විස්ඩන් සඟරාව නම් කළ සුපිරි ක්‍රිඩකයින් අතරට මතීෂ පතිරණත් එක් වෙයි

මෙවර IPL ක්‍රිකට් තරගාවලියේ විශිෂ්ට දක්කම් දැක්වූ ක්‍රීඩකයින් විස්ඩන් (wisden) සඟරාව විසින් නම් කර තිබෙනවා

ඒ සඳහා මෙවර තරගාවලියේ ජයග්‍රහණය දිනාගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ නම් කර තිබීම විශේෂත්වයක්.

මතීෂ පතිරණ නිමාවූ IPL තරගාවලිය තුළ තරග 12 ක් ක්‍රීඩා කරමින් කඩුළු 19 ක් බිඳ දැමීමට සමත් වුණා.

ඒ අනුව විස්ඩන් සඟරාව නම් කළ IPL කණ්ඩායමට ෆෆ් ඩුප්ලෙසීස්, යෂස්වි ජයිස්වාල් (Yashasvi Jaiswal), ෂුබ්මන් ගිල් (Shubman Gill), සූර්යකුමාර් යාදෙව්, හෙන්රිච් ක්ලාසන්, රිංකු සිං (rinku singh), රවීන්ද්‍ර ජඩේජා, රෂීඩ් ඛාන් (Rashid Khan), මොහොමඩ් ෂාමි (Mohammed Shami) , මොහිත් ෂර්මා සහ මතීෂ පතිරණ ඇතුළත් වනවා.

Share This