විදුලි ගාස්තු වැඩි වීම අතීතයට බලපාන පරිදි සිදු කළ හැකිද යන්න සොයා බලන්න

විදුලි ගාස්තු වැඩි වීම අතීතයට බලපාන පරිදි සිදු කළ හැකිද යන්න සොයා බලන්න

විදුලි ගාස්තු වැඩිකිරීමට කඩිනමින් අනුමැතිය ලබාදීමට සහ එය අතීතයට බලපාන ආකාරයෙන් විදුලි ගාස්තු වැඩිකිරීමට අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන්, මහජන උපයෝතා කොමිෂන් සභාවට හැකිද යන්න නීතිපතිවරයාගේ මතය විමසීමට කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කළ බව, එහි සාමාජිකයෝ, ජාතික සභාව හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව අද දින (25) ඊට අදාළ ලේඛන නීතිපතිවරයාට යොමුකිරීමට බලාපොරොත්තු වන බවයි කොමිෂන් සභාවේ සාමාජිකයන් ප්‍රකාශ කර ඇත්තේ.

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව සම්බන්ධයෙන් මෙසේ සාකච්ඡා කෙරුණේ, කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන්, ජාතික සභාව, ඊයේ (24) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මේ ආකාරයෙන් අතීතයට බලපාන ලෙස 2014 වසරේදී විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කොට ඇති බවයි මෙහිදී අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ.

ඒ පිළිබඳ තමන් සතු ලිපි ලේඛන අවශ්‍ය නම් කොමිෂන් සභාවට ලබාදිය හැකි බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

එසේම මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අදහස් හැකි ඉක්මණින් ලබාගැනීමට කටයුතු කරන ලෙසයි අමාත්‍යවරයා එහිදී ඉල්ලා ඇත්තේ.

ලංකා විදුලිබල ම්ණ්ඩලයේ මෙහෙයුම් පිරිවැය දරාගත නොහැකි මට්ටමකට පත්ව ඇති බවත් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

Share This