විකාශන අධිකාරී පනතට එරෙහි වෙන්න විපක්ෂයෙන් ඒකමතික තීරණයක්

විකාශන අධිකාරී පනතට එරෙහි වෙන්න විපක්ෂයෙන් ඒකමතික තීරණයක්

යෝජිත විකාශන අධිකාරි පනතට විරුද්ධ වීමට සහ එය පරාජය කිරීමට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළ සහ අධිකරණයේ දී ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ සිව්වැනි කුළුණ ලෙස සැලකෙන්නේ නිදහස් මාධ්‍ය බවයි.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා කළ හැකි සියලු දේ සිදු කිරීමට සූදානම් බවයි විපක්ෂනායකවරයා වැඩිදුරටත් පැවසුවේ.

Share This