වැල්ලවාය ඉන්දන පිරවුම්හලකට සීල් තබයි

වැල්ලවාය ඉන්දන පිරවුම්හලකට සීල් තබයි

වැල්ලවාය නගරයේ ඇල්ල මාර්ගයේ පිහිටා තිබෙන ඉන්දන පිරවුම්හලකට අද(05) පස්වරුවේ මුද්‍රා තබා තිබෙනවා.

පාරිභෝගික සේවා අධිකාරිය,මහජන උපයෝගීතා කොමිසම,අයි.ටී අයි ආයතනය සහ මිණුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව විසින් සිදු කල වැටලීමකදීයි ඉන්දන පිරවුම්හලට මෙලෙස මුද්‍රා තබා ඇත්තේ.

ඉන්දන තොග සඟවා අලෙවි නොකීරිම,ගුණාත්මක බව පිළිබඳව ගැටලු, ඉන්දන පොම්ප වල තිබූ මුද්‍රා ඉවත් කර තිබීම සහ නියමිත පරිදි ඉන්දන පොම්ප වලින් ඉන්දන නිකුත් නොවීම වැනි කරුණු හේතුවෙන් මෙලෙස මුද්‍රා තබා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඉන්දනහලේ සියලු ප්‍රමීතින් පරීක්ෂා කිරීමට කටයුතු කරන බව වැටලීමට එක් වූ නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

Share This