වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත් කෙරේ

වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත් කෙරේ

 

ලබන 30 වැනි දා සිට නොවැම්බර් මස 7 වැනි දා දක්වා රුසියාවේ වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ දෛනික කොරෝනා ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන්.

රුසියාවේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 30,000 ඉක්මවා ඇති අතර දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 1000සේ සීමාව අද පසුකර තිබීම හේතුවෙන් රජය මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

වයස්ගත පුද්ගලයින්ට නිවසේ රැදී සිටීම අනිවාර්ය කිරීමට ද රුසියානු රජය තීරණය කර තිබෙනවා.

පොදු ස්ථානවලට සහ විවිධ වැඩසටහන්වලට සහභාගි වීමේදී ජනතාව කොවිඩ් මර්දන එන්නත ලබා තිබීම අනිවාර්ය කර ඇති බව සඳහන්.

Share This