වැඩි කළ තෙල් මිළ ගැන බස් හිමියන්ගේ තීරණය

වැඩි කළ තෙල් මිළ ගැන බස් හිමියන්ගේ තීරණය

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග බස් කර්මාන්තයේ අනාගතය සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බව පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා liveat8.lk වෙබ් අඩවිය සමග සඳහන් කළා.

ඉන්ධනවල මිල ඉහළ දැමීමත් සමග බස් කර්මාන්තය දැඩි අර්බුධයකට ලක් වන බවයි ඔහු පෙන්වා දුන්නේ.

බස් කර්මාන්තයට අදාළ වෙනත් වියදම් ද මේ වන විට නොසිතු ලෙස ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළා.

සංචරණ සීමා දීර්ඝ කර ඇති නිසා බස් ධාවනය යථා තත්ත්වයට පත් වීමට තවත් කාලයක් ගතවන නිසා වැඩි කළ ඉන්ධන මිළ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීමට කල්වේලා ඇති බව ද ගැමුණු විජේරත්න මහතා liveat8.lk වෙබ් අඩවියට පැවසුවා.

Share This