වැටුප් රහිත නිවාඩු ලබා රාජ්‍ය සේවකයන් විදේශගතවීමෙන් පසු කළ යුතු දේ

වැටුප් රහිත නිවාඩු ලබා රාජ්‍ය සේවකයන් විදේශගතවීමෙන් පසු කළ යුතු දේ

රාජ්‍ය සේවකයන් වැටුප් රහිත නිවාඩු ලබා විදේශගතවීමෙන් පසුව අනිවාර්යයෙන්ම මෙරටට මාසිකව නිශ්චිත ඩොලර් ප්‍රමාණයක් එවිය යුතු බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් වනවා

මේ පිළිබඳව ස්වර්ණවාහිනි පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

එලෙස විදේශ ගත වන රාජ්‍ය සේවකයන් අතරින් ප්‍රාථමික මට්ටමේ නිලධාරීන් ඇමෙරිකානු ඩොලර් 100ක්ද, ද්විතීයක මට්ටමේ නිලධාරීන් ඇමෙරිකානු ඩොලර් 200ක්ද, තෘතීය මට්ටමේ නිලධාරීන් ඇමෙරිකානු ඩොලර් 300ක් ද, සහ ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන් ඇමෙරිකානු ඩොලර් 500ක්ද ආදී වශයෙන් මාසිකව ලංකාවට එවීම අනිවාර්ය බවද එහි සඳහන් වනවා

විදේශගතවන්නන් මෙරට බැංකු පද්ධතිය හරහා තමාගේ නමින් තිබෙන අනේවාසික විදේශ මුදල් ගිණුමකට එම මුදල් ප්‍රේෂණය කළ යුතු බව ද චක්‍රලේඛයේ සඳහන්.

Share This