වාහන එකලස් කිරීමට අවසර(VIDEO)

වාහන එකලස් කිරීමට අවසර(VIDEO)

මෙරට දී වාහන එකලස් කිරීමට අවශ්‍ය අවසරය ලබාදී ඇති බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඔහු සඳහන් කළේ කර්මාන්ත අමාත්‍යවරයා විසින් ඊට අදාළ අනුමැතිය ලබාගෙන ඇති බවයි.

මෙරටට වාහන ආනයනය තාවකාලිකව නතර කළේ පවතින විදේශ විනිමය අර්බුදය නිසා බවත් මෙරට වාහන එකලස් කිරීමට අවශ්‍ය අවසරය ලබාදී ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා ඒ සඳහා පෞද්ගලික අංශය මගින් කටයුතු කරන බවයි කියා සිටියේ.

Share This