වාහන ආනයනයට මහ බැංකුවේ කැමැත්ත – යෝජිත නව ක්‍රමවේදය මෙන්න

වාහන ආනයනයට මහ බැංකුවේ කැමැත්ත – යෝජිත නව ක්‍රමවේදය මෙන්න

මෙරටට වාහන ආනයනය කිරීමේදී විදෙස් මුදල්වලින් ගෙවීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියා.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ හෙට අනිද්දා වනවිට රජයට ඒ පිළිබඳව ලිඛිතව දැන්වීමට බලාපොරොත්තු වන බවයි.

“වාහන සම්බන්ධයෙන් යම් බුබුලක් ඇතිවෙනවා බව දකිනවා. ඒ තුළින් සමහරවිට පද්ධතියට යම් හානියක් වෙන්න පුළුවන් ඉදිරි කාලයකදී. ඒ නිසා යෝජනාවක් තිබෙනවා,  පිටරට මුදල්වලින් ගෙවීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන් නම් ඒ තුළින් එක පැත්තකින් විදේශ විනිමය ගලාඒමක් සිදුවෙනවා. තව පැත්තකින් අවශ්‍ය භාණ්ඩය ලැබෙනවා. හෙට අනිද්දා අපි රජයට ඒ පිළිබඳව ලිඛිතව දන්වන්න බලාපොරොත්තු වනවා.” යනුවෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එහිදී කියා සිටියා.

Share This