වසර දෙක හමාරකට පසු ශ්‍රී ලාංකේය චිත්‍රපටයකට දැවැන්ත ප්‍රේක්ෂක ආකර්ෂණයක් 

වසර දෙක හමාරකට පසු ශ්‍රී ලාංකේය චිත්‍රපටයකට දැවැන්ත ප්‍රේක්ෂක ආකර්ෂණයක් 

තම රට තුළදී ආසන සියල්ල පිරි ඉතිරී යන ප්‍රේක්ෂක ආකර්ෂණයක් අත්පත්කර ගැනීමට දේශීය චිත්‍රපටයක් රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ, සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ හා EAP මණ්ඩලය හරහා බෙදාහරින “ජංගි හොරා” චිත්‍රපටයය සමත් වී තිබෙනවා.

ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් එලෙසින් ඉහළ ප්‍රේක්ෂක ආකාර්ෂණයට ලක්වෙමින් ආසන සියල්ල පිරී ගිය අවස්ථාවක් මෙලෙස ළගා කරගත්තේ වසර දෙක හමාරකට පසුව වීම කැපී පෙනෙනවා.

“ජංගි හොරා” චිත්‍රපටය සිනමා ශාලා දෙකක “Housefull” පුවරුව අත්පත් කර ගැනීමටත්, තවත් සිනමා ශාලා 03 ක 90% ප්‍රේක්ෂක සහභාගිත්වය ඉක්මවා යෑමටත් සමත්ව තිබීම දේශීය සිනමා කර්මාන්තයට සුබ ලකුණක්.

ඒ අනුව ඊයේ දින මාතර S.K සිනමා ශාලාවේ සවස 6.30 දර්ශනය සහ මහරගම සැවෝයි මෙට්‍රෝ සිනමා ශාලාවේ රාත්‍රී 7.00 දර්ශනය “Housefull” පුවරුවට යටත්ව “ජංගි හොරා” ප්‍රදර්ශනය කොට තිබෙනවා.

එයට අමතරව කුරුණෑගල සිනෙක්ස්පෝ සිනමා ශාලාවේ ප.ව 1.30 හා ප.ව 7.00 දර්ශන වාරත්, කෑගල්ල ටාසන් සිනමා ශාලාවේ ප.ව 2.30 හා 6.30 දර්ශන වාරත් සහ අනුරාධපුර විල්මැක්ස් සිනමා ශාලාවේ ප.ව 1.30 දර්ශන වාරයත් ඊයේ දින 90% ක ප්‍රේක්ෂක සහභාගිත්වය ඉක්මවා ගිය බවයි එහි කාර්යමණ්ඩලය ප්‍රකාශ කළේ.

මෙහිදී ඉහත කී සිනමා ශාලා සියල්ලම මෙරට සක්‍රීයව පවතින සිනමාශාලා අතුරින් සාපේක්ෂව වැඩි ආසන සංඛ්‍යාවකින් යුක්ත වන සිනමාශාලා වීමද විශේෂත්වයක්.

2021.12.23 දින “වැඩිහිටියන්ට පමණයි” යන ලේබලය යටතේ සිනමා ශාලා 36 ක් වෙත EAP මණ්ඩලය හරහා මුදාහළ “ජංගි හොරා” චිත්‍රපටය පළමු දින 11 තුළ (2022.01.02 දක්වා) නරඹා ඇති මුළු ප්‍රේක්ෂක සංඛ්‍යාව 28,002 ක්.

සියලුම දර්ශන වාර සෞඛ්‍ය මර්ගොපදේශයන්ට අනුගතව සිදුකෙරෙන අතර ප්‍රේක්ෂක ඔබට සිනමා පටය රස විඳීමට ආරාධනා කර සිටිනවා.

Share This